හවායි හි ලැව්ගිනි හේතුවෙන් මාවුයි දූපතේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 1,000ක් පමණ අතුරුදහන් වී ඇතැයි ගණන් බලා තිබේ.
හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් මහතා පවසන්නේ මෙම ලැව්ගිනි යනු “හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය” වන බවත්ය.
තව ද, ඓතිහාසික මුහුදුබඩ නගරයක් වන ලහයිනා හි 80% ක් විනාශ වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
පැතිරුනු ගිනිදැල් හමුවේ ලහයිනා හි සිටි සංචාරකයින්ට මුහුදට පැන පැය ගණනක් ජලයේ ඇවිදීමට සිදුවූ බවද වාර්තා වේ.
මේ වන විට සංචාරකයන් දස දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති අතර, මාවුයි දූපතේ බටහිර ප්‍රදේශයේ පුද්ගලයින් 11,000කට විදුලිය නොමැති බව වාර්තා වේ.
ඩෝරා සුළි කුණාටුවෙන් පසුව අඟහරුවාදා සිට ඇරඹුනු මෙම ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් තවමත් අරගල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…