Barbie චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කොට තිබෙනවා.
චිත්‍රපටය නිකුත් වී සති කිහිපයක් ඇතුළත ලොව පුරා ඩොලර් බිලියන 1කට අධික ආදායමක් උපයා ඇති පසුබිමක කුවේටය මහජන ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කොට සිටින්නේ.
මෙම චිත්‍රපටය වියට්නාමය ඇතුළුව වෙනත් තැන්වල වාරණයට ලක්ව ඇති බවද වාර්තා වෙනවා.
කුවේට් හි චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලයේ ප්‍රධානී ලාෆි අල්-සුබයි පැවසුවේ තම රටේ සංස්කෘතියට පටහැනි යැයි සැලකෙන චිත්‍රපට දර්ශන කපා ඉවත් කරන ලෙස තමාද ඉල්ලා සිටින බවයි.
එමෙන්ම Barbie තහනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලෙබනන් සංස්කෘතික අමාත්‍ය මොහොමඩ් මොර්ටාඩා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නෙ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…