ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියෙකු සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) එන්නත අසාත්මික වීම නිසා මියගොස් ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම එන්නත ශරීරයේ විවිධ කොටස්වල බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධයකි.
ඊයේ (11) මෙම එන්නත ලබා දීමෙන් පසු මිනිත්තු 05කින් අනතුරුව රෝගියා ඇදවැටී මියගොස් ඇති බව මේ පිළිබඳව කළ විමසීමේ දී රෝහල් ආරංචි මාර්ග කීවේය.
ඖෂධ අසාත්මිකවීමක දි කටයුතු කරන ආකාරය සම්බන්ධව මේ දිනවල රෝහල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුව ද එම හදිසි ප්‍රතිකාර ඒකකයට අදාල රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.
මිය ගිය රෝගියාට එම ප්‍රතිජීවක එන්නතෙහි ම මාත්‍රා දහයක් ලබා දී ඇති නමුත් , සංකූලතා වාර්තාවී ඇත්තේ එකොලොස්වන මාත්‍රාව ලබා දීමේදීය.
මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි අදාල ප්‍රතිජීවක ඖෂධයේ රෝගියාට අසාත්මික වූ එන්නත් කාණ්ඩය වෙනත් රෝගීන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ සම්බන්ධයෙන් මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එවැනි සිද්ධියක් තමන් වෙත වාර්තා වී නොමැති බවයි.
මීට පෙර ද ඖෂධ ලබා දීමෙන් පසු රෝගීන් කිහිපදෙනෙකු මිය ගිය අතර අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කමිටුවක්ද පත් කළා.
එහි වාර්තාව පසුගියදා අමාත්‍යවරයා වෙත භාරදුන් අතර පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ මතභේදයට ලක් වූ මරණ 6න් මරණ 2ක් සිදුව ඇත්තේ ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් බවයි.
කෙසේ වෙතත් ගම්පහ රෝහලෙන් අද වාර්තා වු මරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද අද මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
ඔහු කියා සිටියේ ආසාත්මිකතාවයට ලක් වූ රෝගියාට ලබා දී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධයක් බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…