මිහින්තලාව, තම්මැන්නාව වැවේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැවේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ. ඔවුන් වයස අවුරුදු 44 – 46 අතර පසුවන්නන්.
අද (11) පස්වරුවේ හත් දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් වැවේ මාළු අල්ලමින් සිට ඇති අතර ඒ අතරතුරයි මෙම අකුණු සැරවැදීම සිදුව ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ මහින්ද කුමාර (42) ධර්මසිරි රණතුංග (44) සරත් චන්ද්‍ර (46) නමැති තිදෙනෙකි.
ඔවුන් කහටගස්දිගිලිය, ගඟුරෑව හා ඇල්ලේවැව ගම්මානයේ තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම තිදෙනාගේ සිරුරු තම්මැන්නාව රෝහලේ තැන්පත් කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…