ශ්‍රී ලංකා

ප්‍රදේශ රැසකට ජලය ලබාදීම අත්හිටුවයි – මුර ක්‍රමයට ජලය නිකුත් කෙරෙන ප්‍රදේශ මෙන්න !

දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (12) නිවේදනය කළා.

පහත සඳහන් ප්‍රදේශ වලට එසේ මුර ක්‍රමයට ජලය ලබාදීම සිදු වනවා.

  • කුරුණෑගල
  • හෙට්ටිපොළ
  • නිකවැරටිය
  • වාරියපොළ
  • මාතර – ඌරුබොක්ක
  • හම්බන්තොට – බෙලිඅත්ත
  • මුරුතවෙල
  • තංගල්ල
  • වලස්මුල්ල
  • අක්කරෛපත්තු
  • පොතුවිල්
  • තිරුක්කෝවිල්
  • මොණරාගල – බිබිලේ
  • අඹගස්දූව
  • බණ්ඩාරවෙළ
  • බෝගහකුඹුර
  • හල්දුමුල්ල
  • කන්දෙකැටිය
  • සීලතැටිය
  • අමුණුකැලේ
  • කැප්පෙටිපොළ

යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල් 49,867ක පුද්ගලයින් 163,111ක් පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත්වී ඇති බවය. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබේ. 

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago