ප්‍රවීණ නිළියකගේ දියණියක හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත කරුණු වාර්තා කළේය.
නිළියගේ දියණිය සිය පෙම්වතා සමඟ සිටින අවස්ථාවක් සිය දුරකතනයේ සටහන් වී තිබුණු අතර, එකී දර්ශන යෙහෙළියක විසින් සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන්නට ඇතැයි පැමිණිලිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය වෙත පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවටත්, මේ දර්ශනය ජාලගතව ප්‍රචාරය වීම සිදුව ඇති බැවින් මෙහි විමර්ශන සංකීර්ණ බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…