ශ්‍රී ලංකා

ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය ජිවන ගමන අවසන් කරයි !

පොත් 100කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය දිවියෙන් සමුගෙන තිබේ.

ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක ලෙස ඇය කටයුතු කර තිබේ.

ටික කලක් ගුරු වෘත්තියේ නියැළී 1964 වසරේ ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශනයක් වන මිහිර පුවත්පතට සම්බන්ධවූ ඇය ඉන් අනතුරුව මාධ්‍යවේදිනියක සහ කර්තෘවරියක ලෙස අඩසියවසකට ආසන්න කාලයක් පුවත්පත් අටක සේවය කළාය.

අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.

අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා ඇතුළු පොත් 100කට අධික ප්‍රමාණයක් සහ දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන. තිබ්බත දියනිය, (Daughter of Tibbatha), තිත්ත කෝපි ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago