ශ්‍රී ලංකා

සැලසුම් කළ සියලුම සැත්කම් නවතී – නිර්වින්දන විශේෂඥවරයා නොදන්වා රට හැර යාමෙන් හම්බන්තොට මහ රෝහල බරපතල අර්බුදයක !

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විධිමත් අවසරයකින් තොරව, නොදන්වා විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරු කියති.

දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් රෝහලෙන් පිටව ගොස් සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අද (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.

මෙම කෙටි පණිවිඩ දැකීමෙන් මහත් කලබලයට පත් වු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු වෛද්‍යවරුන් රෝහල ඉදිරියට දුවන්නේ කෙසේදැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්නට විය.

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුය.

එබැවින් අදාළ සැත්කම් එම රෝගින්ට කරන්නෙ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

මෙම වෛද්‍යවරයා විශේෂඥ පුහුණුව සහිතව ලංකාවට පැමිණ ලද පළමු පත්වීම මෙය වීමත් එම පත්වීම් ධූරයේ ඔහු රාජකාරි කර ඇත්තේ මාස තුනක පමණ කෙටි කාලයක් වීමත් ගැන රෝහල් ආරංචි මාර්ග කතා කරන්නේ කළකිරීමෙනි.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතාගෙන් විමසීමේ දී මෙසේ කීය.

“මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක නිවාඩුවක් ලබාගෙන තියෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා. එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව මට දැනුම් දි නැහැ. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න මම බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා”

යනුවෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා සිටියා
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago