යාපනයේ කෝපායි ප්‍රදේශයේ නිවසකින් නිරුවත් මළසිරුරක් පොලීසිය විසින් ඊයේ (12) සොයා ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා ගණපතිපිල්ලේ මහේන්ද්‍රන් නමැති අයෙකු බවට හදුනා ගෙන ඇති අතර මළ සිරුරේ බොහෝ ස්ථාන වල කැපුම් සහිත තුවාල තිබීම නිසා මේ මරණය ඝාතනයක් විය හැකි බවට කෝපායී පොලීසිය යාපනය අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිද පොලීසියට පවසා ඇත්තේ තමන් සිද්ධිය වූ දිනයේ ගමේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට දරුවන් සමග පිටත්ව ගිය බවයි.
තමන් එහි සිටියදී පවුලේ ඥාතියෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව නිවසට පැමිණි බවත් එම ඥාතින් තම ස්වාමියාගේ මළ සිරුර සොයාගෙන ඇති බවත්ය.
යාපනය මහේස්ත්රාත්වරයාගේ නියෝග මත මියගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී ඇති අතර කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…