කළුතර, කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විද්‍යාලයේ බිත්ති 2 ක් අතර සිරවී සිටි හත් හැවිරිදි සිසුවිය මෙහෙයුමකින් පසු මුදාගෙන තිබෙනවා.
ඒ සඳහා කළුතර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක් වී ඇති අතර ඔවුන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති 2 ට තෙරපුමක් යොදා දැරිය බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී බිත්ති අතරට රිංගා තිබෙනවා.
එහිදී දැරියට පිටතට ඒමට නොහැකි වී ඇති අතර පසුව ඇගේ යෙහෙළියන් ගුරුවරුන් දැනුවත් කර තිබෙනවා.
පසුව ගුරුවරුන් දැරිය මුදාගැනීමට උත්සහ කර ඇති අතර අනතුරුවයි ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇත්තේ.
පසුව දැරියක පාසලේ බිත්ති දෙකක සිරවී සිටින බවට කළුතර ආපදා කළමාණාකරණ සහකාර අධ්‍යක්ෂක කර්නල් අරවින්ද අමරසේකර සහ කළුතර දකුණ පොලිසියේ දැනුම් දීමෙන් ගිනි නිවන භටයින් හයදෙනෙකු ආපදා ගිලන් රථයකින් ස්ථානයට ළගාවී ඇත.
විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්, කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් ක්‍රමයක් ඔස්සේ බිත්ති දෙකට තෙරපුමක් ලබදී දැරිය බේරාගත් බව එහි ප්‍රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් පැවසීය.
කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ යුධහමුදාව සෙබළුන් පිරිසක්ද සහායට ස්ථානයට ළගාවී ඇති බවද පොලිසිය පැවසීය.
මේ දැරිය මුදා ගැනීමේ අවස්ථාවේදී ඇති වූ තත්ත්වයයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…