ශ්‍රී ලංකා

දේශබන්දු තෙන්නකෝන්ට අකරතැබ්බයක් !

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිල Facebook පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව, අදාළ ෆේස්බුක් පිටුවේ මේ වන විට අන්තර්ජාල ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ තමන්ගේ Facebook පිටුවට කිසියම් අයෙක් අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.

එබැවින් මෙම Facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා තිබෙනවා.

ගිණුම නැවත යථා තත්ත්වයට පත්කරගැනීමටත් මෙම ක්‍රියාවට අදාළව නිත්‍යානුකූල පියවර ගැනීමටත් තමන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago