අනතුරු

A-9 මාර්ගයේ මාරක රිය අනතුරක් – තිදෙනෙක් ජිවිතක්ෂයට, පහකට බරපතලයි (VIDEO)

අද (15) අලුයම මාන්කුලම පොලිස් වසමේ ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී සිදුවු බිහිසුණු අනතුරකින් වාහන තුනක් අනතුරට ලක්ව පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී රිය අනතුර සිදුව ඇති බවය.

පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

තවද වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද ලොරියේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Media-on-2023.08.15-at-0625

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago