අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා මහතා,
කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා මහතා,
ඔසප්වීම අවසන්වී 07 වන හෝ 10 වන දවසේ වගේ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදුකර ගන්න පුළුවන්. අදටත් අපි දකිනවා පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා. වර්ථමානයේදීත් කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත් මදි. අපි ඔබට ආරාධනා කරන්නේ ගම් මට්ටමේ ඔබේ සායනයට යන්න. එහි සියලු පහසුකම් තියෙනවා. ඔබගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍ය භාවයට කිසිඳු හානියක් සිදුවෙන්නේ නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…