ශ්‍රී ලංකා

ඇතිවූ හදිසි ගින්න හේතුවෙන් හෝමාගම සහ තදාසන්න ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම් දීමක් (VIDEO)

හෝමාගම අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ, කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින්. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහායි මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇති බව සඳහන්.

ඊයේ (17) රාත්‍රී 8.30ට පමණ හෝමාගම කර්මාන්ත ශාලා දෙකක හටගත් ගින්න රෙදි පිළිකම්හලක් ඇවිලී තීන්ත කම්හලක් දක්වා පැතිර යෑම නිසා මැඩපැවැත්වීම දුෂ්කර වී තිබේ. වාර්තාවන පරිදි මෙම කර්මාන්ත ශාලා දෙකේම රසායනික ද්‍රව්‍ය තොග පැවතී තිබෙනවා.

කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි පරීශ්‍රමයක් දරමින් සිටිනවා.

ගින්නට අදාළ දර්ශන පහතින්,

Ceylon News Factory

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

36 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago