ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේවනවිට රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් පැමිණ තිබෙනවා.
ඒ ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ පිටු 200ට වැඩි වාර්තාවට අදාළ ලියකියවිලි (Evidence) ලබාගැනීම සඳහායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව සිදු කළා යැයි එල්ල වන චෝදනාවලට, ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති කෙටුම්පතට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිටු 200කට වැඩි ලියවිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඊට අදාළ ඇමිණුම් එනම් විධායක කමිටු අනුමැතීන් සහ වෙනත් ලියකියවිලි මේවනවිට පැමිණ සිටින විගණන නිලධාරීන් ඉල්ලා සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මෙම කෙටුම්පත් වාර්තාවේ සඳහන් කරුණු පාදක කර ගනිමින් මෙම මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පැවැත්වීමට නියමිත අතර, එම විවාදය ඉල්ලා තිබුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ මැදිහත් වීම මත විපක්ෂය විසින්ය.
ඒ අනුව බොහෝදුරට විගණන කෙටුම්පත පාදක කරගනිමින් සැකසෙන විශේෂ විගණන වාර්තාව එම පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනය වන මෙම මස 24 වැනිදාම පාර්ලිමේන්තුවේ සභාගත වනු ඇතැයි වාර්තා වනවා.
ඒ සඳහා අවශ්‍ය අවසන් ලිඛිත ලියකියවිලි ලබාගැනීම අද සිදු කරමින් පවතින බව වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…