ශ්‍රී ලංකා

අසාමාන්‍ය ලෙස කැස්බෑ සිරුරු කොළඹ ආශ්‍රිත වෙරළට ගොඩ ගසයි – අධිකරණයෙන් විශේෂ නියෝගයක් !

වැල්ලවත්තේ සිට ගාලු මුවදොර දක්වා වෙරළ තීරයට ඊයේ (21) සහ අද (22) දිනයේදීත් කැස්බෑ මළසිරුරු 10කට වැඩි ප්‍රමාණයක් අසාමාන්‍ය ලෙස ගොඩගසා තිබේ.

කැස්බෑ සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගාලු මුවදොර මෙන්ම කැස්බෑවුන් නිතර ගැවසෙන වැල්ලවත්ත සහ දෙහිවල ඇතුළු වෙරළ තීරයට ඊයේ කැස්බෑ මළසිරුරු 02ක් සහ අද තවත් මළසිරුරු 07කට වැඩි ප්‍රමාණයක් ගොඩගසා තිබුණි.

අසාමාන්‍ය ලෙස ගොඩ ගසා තිබූ මෙම කැස්බෑ මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී ඇති අතර, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරයද දක්නට ලැ‍බේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව කළ දැනුම්දීම අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය අදත් එම ස්ථානයට පැමිණ පොලීසිය හා නාවික හමුදාව සමග එක්වී විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04 ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවුන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට දන්වන ලෙසය

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago