ශ්‍රී ලංකා

ගාල්ල බන්ධනාගාරයේ පැතිරෙන බැක්ටීරියාව මාරාන්තිකයි !

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ පැතිරීමේ අවදානමක් ඇති වී තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන් පවසන්නේ මෙය මෙනින්ගොකොකල් නමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවයි.

පසුගිය දින කිහිපය තුළ ගාල්ල බන්ධනාගාරයෙන් එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර දැනට කරාපිටිය රෝහලට ඇතුළත් කළ මෙම රෝග ලක්ෂණ සහිත රැඳවියන් දෙදෙනකු ද මිය ගොස් තිබුණා.

ඊයේ (21) සවස් වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තවත් රෝගීන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහිපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහල්ගත කළ බව එම රෝහලේ වෛද්‍යවරු පැවසුවා.

වෛද්‍යවරු පවසන්නේ මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත‍යට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙය මාරාන්තික බවත් වෛද්‍යවරුන් පවසනවා.

ඊයේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනාගේ මරණයට හේතුව ද මෙම බැක්ටීරියාව බවට සැකකරන බැවින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ එවැනි රෝග ලක්ෂණ ඇති රෝගීන් සමඟ කටයුතු කිරීමේදී මුඛ ආවරණ පැලඳ සිටින ලෙසයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago