පාරිභෝගික අධිකාරියෙන් බව පවසමින් ව්‍යාපාරිකයින් වෙත තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් මුදල් ඉල්ලා සිදුකරන ජාවාරමක් පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පවසන්නේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මේ වනවිට ලැබී ඇති බවය.
වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ව්‍යාජ දුරකථන ඇමතුම් හරහා භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් පවසන බවය.
අදාළ ඇමතුම ලබාදෙන ජාවාරම් කරුවන් විසින් තමුන් පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියකු බව ප්‍රකාශ කරමින් එලෙස නීතිමය පියවර නොගෙන සිටීමට ව්‍යාපාරිකයන්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් මුදල් ඉල්ලා තර්ජනයන් සිදුකර ඇත.
මේ හේතුවෙන් ව්‍යාපාරිකයන්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටින්නේ මෙවැනි ඇමතුමක් ලැබුණහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ එම අධිකාරිය වෙත දැනුම්දෙන ලෙසටය.
එවැනි ඇමතුම් පිළිබඳව තොරතුරු පාරිභෝගික අධිකාරියේ 1977, 0112 445 897, 0771 088 922 යන අංකවලට දැනුම්දිය හැකි බව එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල වැඩිදුරටත් පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…