ශ්‍රී ලංකා

ලෙස්ටර්ගේ අවමඟුලේදී රණ මයුර සම්මානය උස්සපු හොරා මහනුවර කුඹල් පෙරහැරේදී අත්අඩංගුවට !

ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණ මයුර සම්මානය එතුමාගේ මළ ගෙදරට පැමිණි අවස්ථාවේ හොරකම් කරගෙන ගොස් විකිණූ පුද්ගලයා ඊයේ (21) පැවති පළමු කුඹල් පෙරහර අවස්ථාවේ දි ගැට කපන්නට ගොස් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 71 හැවිරිදි වියේ පසුවන ලියාපදිංචි අපරාධකරුවෙක් වූ පුද්ගලයෙකි.

කුඹල් පෙරහරට ඊයේ (21) නුවරට පැමිණි අති විශාල ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බියක් සොරාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අවට සිටි පිරිසගේ සහාය ද සහිතව ඔහු අත් අඩංගුවට පත් වි ඇත.

සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago