අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු යුධ හමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී ඊයේ (22) පස්වරුවේ සොයාගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බවයි.
සැකකරු අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි වාසනා කුමාරී සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණා.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…