ශ්‍රී ලංකා

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් !

එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් 09ක් ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් නිකුත් කර ඇති බව එම අධිකාරිය දැනුම් දෙයි.

එක්වරක් පමණක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල්මාලා හා ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන අයිතම ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ඒ අනුව ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago