ක්‍රිකට්

මියගිය හීත් ස්ට්‍රික් නැවත ඉපදෙයි !

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී ඇති බවට පල වන විවිධ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සිම්බාබ්වේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන හෙන්රි ඔලොන්ගා පවසනවා. X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ හීත් ස්ට්‍රික් ජීවතුන් අතර සිටින බවයි.

ඔහු හා හීත් ස්ට්‍රික් අතර සිදු වූ WhatsApp පණිවිඩ හුවමාරුවක් ද ඔහු සාක්ෂි වශයෙන් X සටහනට එක් කර තිබෙනවා

කෙසේ වෙතත්, මීට පෙර හීත් ස්ට්‍රික් මියගොස් ඇති බව ද Henry Olonga විසින් සිය X ගිිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.

“Sad news coming through that Heath Streak has crossed to the other side. RIP @ZimCricketv legend. The greatest all-rounder we produced. It was a pleasure playing with you. See you on the other side when my bowling spell comes to an end,”

මේ වන විට හීත් ස්ට්‍රික් ද මෙම අසත්‍ය පුවත පිළිබද අදහස් දක්වමින් සිය කනගාටුව පල කර තිබෙනවා.

It’s a total rumour & lie – I am alive & well, I am very upset to learn that something as big as someone apparently passing can be spread unverified especially in our day & age – I believe the source should apologies, I am hurt by the news

යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago