නමුණුකුල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික රදම් (වේල්) පෙරහරක් අතරතුර විදුලිසැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
විදුලිසැර වැදුනු තවත් තිදෙනෙකු පස්සර දිසා රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
රදම් පෙරහරට සහභාගීවු කරත්තයක් අධිබලති විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
ඊයේ (23) දහවල් ආරම්භ කළ පෙරහර අද (24) අලුයම තෙක් පවත්වා ඇති අතර පෙරහරට සහභාගීවු රදම් කරත්තය කෝවිලට රැගෙන යන අතරතුර කරත්තයේ ඉහළ කොටස අධිබලති විදුලි රැහැනේ ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි හා 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් ය. සිද්ධිය සම්බන්ධයෙන් නමුණුකුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…