සැත්කම් සිදුකිරීමට පෙර රෝගීන් නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඖෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ සැත්කම් දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය.
නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි සැත්කම් පමණක් බවද කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජයන්ත බණ්ඩාර මහතා කීය.
රුපියල් බිලියන 50ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ට ලබා දීමට තිබෙන බැවින් ඖෂධ සැපයීම සීමා කිරිමට සැපයුම්කරුවන් තීරණය කිරීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල මෙලෙස උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර නිර්වින්දන වායු ඖෂධ ලෙස භාවිත කරන අයිසොෆ්ලුරේන් (Isoflurane) සහ සෙවොෆ්ලුරේන් (Sevoflurane) වල බරපතල හිගයක් මේ වන විට රටපුරා රෝහල්වල ඇති බැවින් රෝගින්ගේ ජීවත දැඩි අනතුරකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටීයි.
මෙම නිර්වින්දන ඖෂධ නැවත ලංකාවට එන දින වකවානු පිලිබඳව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට තබා සැපයුම්කරුවන්ටවත් නිවැරදිව කිව නොහැකි බව කරන ලද සොයා බැලීම් වලදි අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…