යාපනය හා කොළඹ අතර ධාවනය වන තවත් අති සුඛෝපභෝගී බස් රථයක් මීගමුව ප්‍රදේශයේදී 24 දා අළුයම ගිණිගෙන විනාශ වී ගොස් තිබේ.
මීට මාස එකහමාරකට පමණ ඉහතදීද මෙවැනිම බස් රථයක් පුත්තලම ප්‍රදේශයේදී ගිණි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණි.
මෙවර එම අති සුඛෝපභෝගී බස් රථය යාපනයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා මගීන් 37 දෙනෙකු රැගෙන යමින් තිබියදී එම බස් රථය හදීසියේම ගිණි ගෙන තිබේ.
බස් රථයේ සිටි මගීන් වහා බේරාගෙන ඔවුන් වෙනත් වාහනවලින් ගුවන් තොටුපළ වෙත යැවීමට බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාද ජනතාවද පියවර ගෙන තිබේ.
මෙම හදිසි ගිණි ගැනීම නිසා මගීන්ට අනතුරක් සිදුව නොමැති අතර මගීන්ගේ භාණ්ඩ කීපයක් හා ගමන් මළු කීපයක් ගිණි ගෙන විනාශ වී ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…