දැනට රටෙන් සැඟවී පලාගොස් විදේශයක සිට පාතාලය මෙහෙයවනු ලබන ගණේමුල්ලේ සංජීව මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වූ බව නිල නොලත් තොරතුරු මත වාර්තා වීමත් සමග ඔහුගේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට ඊයේ (25) අළුයම නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
වෙඩි ප්‍රහාර ටී 56 ගිනි අවියකින් සහ පිස්තෝලයකින් එල්ල වී ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි.
නිවසට වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට ගණේමුල්ල සංජීවගේ බිරිඳ, දියණිය, ඔහුගේ සහෝදරියක් සහ මව්පියන් නිවසේ සිට ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.
මෙම වෙඩි තැබීම සම්බන්ධව සංජීවගේ බිරිය ඊයේ (25) උදෑසන 11ට පමණ නීතීඥවරයෙකු ද සමඟ පැමිණ පැමිණිලි කළ බව ගනේමුල්ල පොලීසිය කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…