ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවකගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් පහර දී බව ඊයේ (25) අධිකරණයේ දී අනාවරණය විය. ඒ අනුව එම කාන්තාව සොරකමක් කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුළු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙලෙස මියගොස් තිබුණේ ආර්.රාජ්කුමාරි නමැති 41 හැවිරිදි තිදරු මවකි.
මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිදරව් වී ඇත්තේ මොට ආයුධයකින් පරහදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීමෙන් එම කාන්තාව මියගොස් ඇති බවයි.
සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ දී රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි චෝදනා කරමින් එම කාන්තාව වැලිකඩ පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය තුළ දී පහරදීම හේතුවෙන් අසාධ්‍ය වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි.
එම කාන්තාවට පහරදීම සඳහා වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් භාවිතා කළ බව පවසන වතුර බට කැබැල්ලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…