ශ්‍රී ලංකා

පවුල් ලක්ෂ 8කට අස්වැසුම පළමු වාරිකය ගෙවීම හෙට ඇරඹෙයි !

දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15 වන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 8ක් සදහා අවශ්‍ය මුදල් සඳුදා දින මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව අඟහරුවාදා හෝ බදාදා වන විට අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත සිය ජූලි මස වාරියක ලැබෙනු ඇති බවයි. අනුරාධපුරයේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත් ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මුලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒව කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දැනට ලැබී ඇති ලක්ෂ දහයක් පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි දහසක් පමණ වන විරෝධතා සමාලෝචනය ආරම්භ වී ඇතැයි පවසන සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ එම කටයුතු අවසන් වු වහා ම අදාළ ගෙවීම් සිදු කරන බවයි.

කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබා ගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර ලබා ගත් මුදල් නැවත අයකර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago