ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍ර භූමියේ පිහිටි පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකු දියේ ගිලී මරුමුවට පත්ව ඇත.
ඊයේ (27) සවස 5.00 ට පමණ එම පීඨයේම අධ්‍යාපනය ලබන තවත් සිසුන් පස් දෙනෙක් සමග ඔහු දිය නෑමට ගොස් ඇත.
එම අවස්ථාවේ එම සිසුවා පිහිණුම් තටාකයේ ගැඹුරුම ස්ථානයෙන් දියට බැසීමට උත්සාහ කළ අවස්ථාවේ මෙසේ දියේ ගිලී ඇති බව මිහින්තලේ පොලීසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මඩකලපුව කොකුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි විසි එක් හැවිරිදි මුරුගදාස් තිලක්ෂණ නැමැති සිසුවා මෙසේ මියගොස් ඇත.
ඔහුගේ මෘත දේහය මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමු කොට ඇත.
දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.චන්ද්‍රසිරි රංජිත්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…