සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබේ.
ඒ අනුව ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලීසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක් සොයාගෙන ඇත.
ඔවුන් අද (28) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…