පසුගිය බදාදා රුසියාවේ සිදුවූ ගුවන් අනතුරකින් මියගිය පුද්ගලයන් 10 දෙනා අතර වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ද සිටින බව ජාන පරීක්ෂණවලින් තහවුරු වූ බව රුසියානු විමර්ශකයෝ අද (27) ප්‍රකාශ කළහ.
මොස්කව්හි වයඹ දෙසින් පිහිටි ට්වර් ප්‍රදේශයේ දී කඩා වැටුණු පෞද්ගලික ජෙට් යානයේ වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ද වැග්නර් කණ්ඩායම නිර්මාණය කිරීමට ප්‍රිගොෂින්ට සහය ලබා දුන් ඔහුගේ දකුණු අත වැනි දිමිත්‍රි උට්කින් ද, ඇතුළු අනතුරින් මිය ගිය 10 දෙනාගේ නම් රුසියානු ගුවන් සේවා ඒජන්සිය මීට පෙර ප්‍රකාශයට පත් කළ ද ප්‍රිගොෂින් එම ගුවන් යානයේ ගමන් නොගත් බවට මතයක් ද ගොඩ නැගී තිබිණි.
“ට්වර් කලාපයේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස, අණුක-ජාන පරීක්ෂණ අවසන් කර ඇත,” රුසියාවේ විමර්ශන කමිටුව සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කර කියා සිටියේය.
”මියගිය 10 දෙනාගේ අනන්‍යතාව තහවුරු කර ඇත. එම අනන්‍යතා තහවුරුව අනතුරට පත් ගුවන් යානයේ ගුවන් මගී ලයිස්තුවට අනුරූප වේ,” එය පවසයි.
ප්‍රිගොෂින් රුසියාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව අසාර්ථක කැරැල්ලක් මෙහෙයවීමෙන් මාස දෙකකට පසු මෙම පුද්ගලික ජෙට් යානය කඩා වැටුණි.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එම කැරැල්ල “පිටුපස සිට පිහියෙන් ඇනීමක් බඳු ද්‍රෝහී ක්‍රියාවක් ” ලෙස විස්තර කළ නමුත් පසුව ක්‍රෙම්ලිනයේ දී ප්‍රිගොෂින් හමුවිය.
කෙසේ වෙතත් පූටින් මෙම ගුවන් අනතුරින් මිය ගිය බවට ගුවන්සේවා ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කළ ප්‍රිගොෂින් ඇතුළු දස දෙනාගේ පවුල්වලට බ්‍රහස්පතින්දා සිය ශෝකය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…