ශ්‍රී ලංකා

ජල විදුලිය නිෂ්පාදනයට බලාගාර ආශ්‍රිතව ජලය ඇත්තේ තවත් දින 35කට පමණයි !

ජල විදුලිය නිෂ්පාදනයට බලාගාර ආශ්‍රිතව ජලය ඇත්තේ තවත් දින 35කට ආසන්න කාලයක් පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික නවරත්න පැවසුවේ ඊයේ (28) දිනයේ ජල විදුලි බලාගාරවලින් මෙගාවෝට් පැය 12.6 ක විදුලිය නිෂ්පාදනය කළ බවයි.

දෛනික විදුලි අවශ්‍යතාවයෙන් ඉතිරි ප්‍රමාණය තාප, සුර්ය සහ සුලං බලාගාරවලින් ලබා ගන්නා බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පවතින්නේ 23.2% ක් ලෙසය.

විදුලි බලාගාර ආශ්‍රිත සමස්ත ජලාශ වලින් මෙගාවෝට් පැය 284 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago