ශ්‍රී ලංකා

දිඹුලාගල පන්සලේ ලක්ෂ 57ක විදුලි බිලක් – බිල ගෙවන්න වසර 5ක සහන කාලයක් !

රුපියල් ලක්ෂ 57ක හිඟ විදුලි බිල වසර පහක කාලයක් තුළ ගෙවා අවසන් කිරීමේ පදනම මත ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කළ විදුලිය නැවත ලබාදීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පොරොන්දු වී ඇත.

වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබූ රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉකුත් 24 වැනිදා එම ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරිණි.

එලෙස විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ පැවසූහ.

ඒ පිළිබඳ සොයාබැලීම සඳහා මහමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පිරිසක් ඊයේ (29 වැනිදා) දහවල් එම ආරණ්‍ය සේනාසනයට ගොස් නායක ස්වාමීන්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සමග සාකච්ඡාවක නිරත වූහ.

එහිදී එම හිඟ විදුලි බිල රුපියල් ලක්ෂය බැගින් මාසිකව වසර පහක් තුළ ගෙවීමට අවශ්‍ය සහනය සලසා දෙන ලෙස ස්වාමින් වහන්සේලා ඉල්ලීමක් කළහ.

එමෙන්ම වසර පහක් ඇතුළත රුපියල් ලක්ෂය බැගින් හිඟ මුදල් ගෙවන අතරේ මාසිකව ලැබෙන විදුලි බිල ගෙවීමටද යම් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසද උන්වහන්සේලා සිරිපාල ගම්ලත් ඇමැතිවරයා ඇතුළු පිරිසගෙන් ඉල්ලීමක් කළහ.

අනතුරුව සිරිපාල ගම්ලත් ඇමැතිවරයා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එහිදී විදුලිබල ඇමැතිවරයා ඊට කැමැත්ත පළ කර තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් ඒ සම්බන්ධව අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ අදාළ නිලධාරීන් දැනුවත් කරනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මෙහිදී කීවේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago