සෙනසුරු සමග ඉතා විරල සුපිරි නීල සඳක් අද රාත්‍රියේ දී !

අද(30) රාත්‍රී පුර පසළොස්වක පොහොය යනු සුපිරි සඳක සහ නිල් සඳක අසාමාන්‍ය සංයෝගයක් ඇති වන රාත්‍රියක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ආසන්නව සිටින විට පූර්ණ චන්ද්‍රයා ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රයා අප පසුගිය කාලයේ දැක ඇති අනෙකුත් පූර්ණ චන්ද්‍රයන්ට වඩා 14%ක් විශාල වන අතර 30%ක පමණ දීප්තියකින් යුක්ත වනු ඇත.
පුර පසළොස්වක පොහොය දින වල චන්ද්‍රයාගේ ප්‍රමාණය හා දීප්තිය මාසයකින් මාසයට තරමක් වෙනස් වන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ඉලිප්සාකාර හැඩය නිසාය. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකය. එහිදී පෘථිවියට චන්ද්‍රයා ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා ඉතින් ඇති දිනකට වඩා වඩා කි.මි. 50000 ක් පමණ ලංවන බැවින් විශාලව හා වඩා දීප්තිමත්ව පෙනෙන නීසාවේන් එයට “සුපර් මූන්” හෙවත් සුපිරිසද යන නම භාවිතා කරනු ලැබේ.

2023 අගෝස්තු 31 වැනි දින පෙ.ව. 7.05 ට පෘථිවියට කිලෝමීටර් 357,344 ක් පමණ දුරකින් චන්ද්‍රයා පෘථිවියට සමීප වේ. 2025 නොවැම්බර් වනතුරු සඳ නැවතත් මෙතරම් සමීප නොවනු ඇත.

එකම මාසයක පුර සඳ දෙකක් පතිත වන විට දෙවන පුර පසළොස්වක පොහොය නිල් සඳ ලෙස හැඳින්වේ. මෙය නමක් පමණක් වන අතර සඳ සැබවින්ම නිල් පැහැයෙන් දිස් නොවේ.

ඉර බැසීමෙන් පසු අගෝස්තු 30 වැනි දින සන්ධ්‍යාවේ නැඟෙනහිර අහසේ ඔබට පූර්ණ චන්ද්‍රයා දැකගත හැකි වුවද, මෙම සුපිරි නිල් සඳ නැරඹීමට හොඳම කාලය 31 දින හිරු උදාවට පෙර පෙ.ව. 5.00 ට පමණය. මෙවිට බටහිර අහසේ සුපිරි චන්ද්‍රයා හොඳින් දැක ගත හැකි අතර ඒ ආසන්නයේම මෙ දිනවල ඉතා දීප්තිමත්ව අහසේ දිස්වන වළලු පලන් සෙනසුරු ග්‍රහයාද ඉතා චමත්කාර ලෙස ඔබට දැක ගත හැකිය. මෙම අවස්ථාව මග හැරුනහොත් මීළඟ සුපිරි නිල් චන්ද්‍රයකු දැකගැනීමට 2037 ජනවාරි දක්වා රැඳී සිටීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

තවද සදු පෘථිවියට ලංවීම නිසා ඇතිවන ගුර්ත්වකර්ශනයේ වැඩිවීම මත වඩදිය මට්ටමේ වැඩිවීමක් ඇතිවියහැකි මුත් භූමිකම්පා, කුණාටු, සුලිස්සුලන් අතිවෙන බවට ඇති කට කථා සත්‍යයෙන් තොර බව මහාචාර්ය චන්දන ජයරත්න සදහන් කළේය.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago