ශ්‍රී ලංකා

ආන්දෝලනයට තුඩු දුන් ළමා රෝහලේ මරණය ගැන වෛද්‍යවරයා පැවසූ දේ මෙන්න !

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා අද (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.

එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් මෙසේ සාක්ෂි ලබාදී තිබුණා.

බොරැල්ල පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවයි.

මෙම මියගිය දරුවා තමා හමුවට මුලින්ම පැමිණියේ 2021 වසරේදී පමණ බවත්, උදරයේ ඉදිමුමක් තිබූ හෙයින් වෙනත් වෛද්‍යවරයෙකු විසින් මෙම දරුවා තමන් වෙත යොමුකර තිබූ බවත්, සාක්ෂිකාර වෛද්‍යවරයා සඳහන් කළා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී මෙම දරුවා ව තමන් පරීක්ෂා කළ අතර පසුව කොළඹ රිජ්වේ ළමා රෝහලේ සායන සඳහා යොමු කෙරුණු බවයි, වෛද්‍යවරයා කියා සිටියේ.

මෙම දරුවා පරීක්ෂණ මාලාවකට ලක් කෙරුණු බව පවසා සිටි වෛද්‍යවරයා , එම පරීක්ෂණවලදී අනාවරණය කරගත් කරුණු ද මෙහි දී සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියා.

එම පරීක්ෂණ වාර්තාවට අනුව දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පැවති බව වෛද්‍යවරයා සඳහන් කළා.

එය සියයට 09 දක්වා අඩු මට්ටමක පැවති අතර දරුවාගේ දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91 ක් වූ බවත් එම දකුණු වකුගඩුව යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් සඳහන් කර සිටියා.

වැඩිදුරටත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම දරුවාගේ වකුගඩු නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බවයි.

ඉන් අනතුරුව මෙම වෛද්‍යවරයාගේ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම සැප්තැම්බර් මස 05 වනදා දක්වා කල් දැමුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago