අම්බලන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයකුට නාදුනන තුවක්කුකරුවන් අද (31) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ පදිංච් විකුම් සිල්වා නමැති මුදල් පොලියට දෙන හතලිස් එක් හැවිරිදි අයකුට බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා සිය මෝටර් රථයෙන් අම්බලන්ගොඩ නගර මධයයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දරුවන් රැගෙන යාමට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි. .
නාදුනන තුවක්කුකරුවන් වෙඩි වැදුණු තැනැත්තා සිය මෝටර රථය හරවා ගෙන ඒමට පාසල් මාවත දිගේ යමින් සිටියදී ඔහු පසු පස ලුහු බැද ගොස් මෝටර් රථය තුලදීම ඔහුට වෙඩි තබා ඇති බවත් වෙඩි කෑ ඔහු පාර දිගේ දිවවිත් අදුනන අයකුගේ යතුරු පැදිකයින් පැමිණ රෝහල්ගතව ඇති බවත් පොලීසිය කියයි.
ඊයේ දිනයේ දී ද බත්තරමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඔහු ද මුදල් පොලියට දෙන අයෙකු බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…