ශ්‍රී ලංකා

එකම ප්‍රදේශයකින් එකම දිනයේ අභිරහස් ලෙස මියගිය හිමිනමකගේ ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි !

අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ.

එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බව පොලීසිය පැවසීය.

එමෙන්ම අනෙක් සිරුර හමුවී ඇත්තේ කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදීය.

පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට තිබුණි.

මේ අතර විහාරස්ථානයේ වස පානය කරමින් අපවත්වී සිටියේ 32 හැවිරිදි හිමිනමක් බව පොලීසිය පවසයි. එම හිමිනමගේ දේහය හමුවී ඇත්තේ එම හිමිනම විසින් විහාරස්ථානය ආසන්නයේ වගාකළ ඉඩමක ඉදිකර තිබූ පැල්පතක තිබියදී ය.

එමෙන්ම වගා ළිඳකට වැටී මියගොස් අත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි. ඔහුගේ නිවස ආසන්නයේම මෙම වගා ළිඳ පිහිටා ඇති බව පොලීසිය පවසයි.

මෙම හිමිනම සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර ඇත් ද නැතිනම් සියදිවි නසාගෙන ඇත්ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත දේහයන් යොමුකර තිබේ.

මෙම මරණවලට අදාළ පොලිස් පරීක්ෂණ ගලෙන්බිදුණුවැව හා කොකාවැව පොලීසිය මගින් සිදුකරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago