සෞඛ්‍ය

පිළිකා රෝගීන් වාර්තා වීම ඉහළට – ප්‍රතිකාර කරන්න මහජන සහාය අවශ්‍යයි !

පිළිකා රෝගීන් 950 – 1200 අතර සංඛ්‍යාවක් මාසිකව අලුතින් හදුනා ගන්නා බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.

පිළිකා රෝගීන් අලුතින් වාර්තා වීම වැඩිවිමක් ලංකාවේ මෙන්ම ලොව පුරා දක්නට ලැබෙන්නක් බවත් මේ සඳහා ආහාරපාන, පාරිසරික සාධක, මත්වතුර පානය, දුම්පානය, මානසික ආතතිය වැනි කාරණා රාශියක් හේතු වී ඇති බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දේ.

ළමා පිළිකා රෝගින්ගෙන් සියයට 75 – 80 අතර සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි අතරම පිළිකාව මුලින්ම හඳුනාගත් සැනින් ප්‍රතිකාර ආරම්භ කළ හොත් නිට්ටාවට සුව කරගත හැකි රෝගයක් බවද හෙතෙම පවසා සිටියි.

කෙසේ නමුත් පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ බොහෝමයක් පරිත්‍යාගශීලීන් ලබාදෙන බැවින් තවදුරටත් ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය යැයිද වෛද්‍ය ජයසේකර අවධාරණය කරයි.

මේ අනුව පිළිකා රෝගියෙකුට ඖෂධ ප්‍රතිකාරයක් කිරීමට යම් අයෙකුට අවශ්‍ය වන්නේ නම් 0777468503 යන දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර ලබා ගන්නැයි ද අධ්‍යක්ෂවරයා පරිත්‍යාගශීලීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago