ශ්‍රී ලංකා

බස් ගාස්තු වැඩිවෙන ලකුණු – යෝජනා වූ මිල වැඩි කිරීම් මෙන්න !

අවම බස් ගාස්තු සංශෝධනයක් සහ 7% බස් ගාස්තු සංශෝධනයක් සිදු වේ යැයි අපේක්ෂා කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත ප්‍රකාශ කරයි.

“ඊයේ රාත්‍රියේ සිදු වෙච්ච ඉන්ධන සංශෝධනය සමග පොදු ප්‍රවාහනයට බලපෑමක් සිදු වෙලා තියෙනවා මේ සඳහා ගමනාගමන කොමිෂන් සභාවෙන් අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා අද 11ට , ඉන්පසුව අපි තීරණයක් ගන්නවා, මේ පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන ඩීසල් තමයි වැඩි කරලා තියෙන්නේ, ඩීසල් ලොකු ගානකින් වැඩි වුණත් සුපර් ඩීසල් වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා නැහැ, ඉන්ධන වලට ගණන් වැඩි වෙන සූත්‍රයක් තියෙනවා නං බස් ගාස්තු වැඩි වෙන්නත් සූත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕන නැති උනොත් අපිට මේ පොදු ප්‍රවාහන සේවා සපයන්න බැරි වෙනවා. රුපියල් තිස් පහක් කියන්නේ අපිට ලොකු ගානක්,මේක දරාගන්න බෑ . දුර බස් රථ සේවා සඳහා රුපියල් 6000ක පමණ බලපෑමක් තියෙනවා. කෙටි බස් සේවා සඳහා රුපියල් දෙදාහක් විතර බලපෑමක් තියෙනවා. ඇත්තෙන්ම තියන බස් ගාස්තුවත් ජනතාවට දරාගන්න බෑ ඒ නිසා අපි NTC එක සමඟ සාකච්ඡා කරනවා වැඩි වෙන ප්‍රමාණය පිළිබඳව ,රුපියල් 35 කියන එක අපිට ලොකු ගානක්. මේ නිසා තමයි අපි බස් ගාස්තු වැඩි කරන්න තීරණය කරලා තියෙන්නේ, ඒ වගේම කෙටි දුර ධාවනය අවම ගාස්තුව වැඩි වීමකුත් අපි බලාපොරොත්තු වෙනවා. අවම 7% බස් ගාස්තුවක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”

මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී බස් ගාස්තු වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව 4%කින් බස් ගාස්තු වැඩි කිරීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන් ම අවම බස් ගාස්තුව නොවෙනස්ව තබා ගැනීමටත් එහිදී යෝජනා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අවසාන තීරණය සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවඳ සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago