පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩු කළ හැකි එන්නතක් හඳුන්වා දී තිබෙනවා.
ඒ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය විසින්. මේ වන තෙක් පිළිකා සඳහා ලබාදෙන ඇටැසොලිසුමැබ් ඖෂධය රෝහල් වලදී විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් මගින් රෝගීන්ගේ නහර වලට එන්නත් කිරීම සිදුකරනු ලබනවා.
මේ සඳහා විනාඩි 30 කට ආසන්න කාලයක් ගතවන බවත් ඇතැම් විශේෂිත රෝගීන්ට ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගතවන බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
නමුත් මෙම නව එන්නත මගින් සිදුකරන්නේ ඇටැසොලිසුමැබ් ප්‍රතිශක්තීකරණ ඖෂධය සමට එන්නත් කිරීම බවත් ඒ සඳහා ගත වන්නේ විනාඩි 7 වැනි කෙටි කාලයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩුවීම පිළිකාව වැනි රෝගයකින් පීඩා විඳින රෝගීන්ට ඉතා සතුටුදායක පුවතක් බවයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…