සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හීත් ස්ට්‍රීක් දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී අද (03) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට හීත් ස්ට්‍රීක්ගේ වයස අවුරුදු 49ක් වූ අතර, දීර්ඝ කාලයක් මහා බඩවැලේ සහ අක්මා පිළිකාවක් සමග ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටියා.
ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ පුවත ඔහුගේ බිරිඳ නඩින් ස්ට්‍රීක් විසින් ෆේස්බුක් සටහනකින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණා.
එම සටහනේ ඇය මෙසේ සඳහන් කර තිබෙනවා.
2023 සැප්තැම්බර් 03 වැනි ඉරිදා උදේ පාන්දර, මගේ ජීවිතයේ ලොකුම ආදරය සහ මගේ ලස්සන දරුවන්ගේ පියා, ඔහුගේ අවසන් කටයුතු කිරීමට කැමති වූ ඔහුගේ නිවසේ සිට දේවදූතයන් සමග සිටීමට ගියා. අපගේ ආත්මය සදාකාලිකව ස්ට්‍රීකි සඳහා එක් වී ඇත.
යනුවෙන් දැක්වෙනවා.
හීත් ස්ට්‍රීක් පිළිකාවක් සමඟ සටනකට මුහුණ දී සිටින බවත් දකුණු අප්‍රිකාවේ වඩාත් ගෞරවනීය පිළිකා රෝග විශේෂඥයෙකු විසින් මෙහෙයවන ලද ප්‍රතිකාර ලබමින් සිටින බවත් මැයි මාසයේදී වාර්තා වුණා.
සති දෙකකට පෙර, ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ අසත්‍ය වාර්තා පළවූ අතර, ඔහුගේ කණ්ඩායමේ හිටපු වේගපන්දු සගයා වන හෙන්රි ඔලොංගා විසින් එය නිවැරදි කර සමාව අයැද සිටියා.
බුලවායෝ හි උපත ලද, ක්‍රිකට් පුරාවෘත්තයක් වන ස්ට්‍රීක්, වේග පන්දු යවන්නෙකු ලෙස ඔහුගේ දස්කම් සඳහා විශේෂයෙන් ප්‍රසිද්ධ වුණා. එහිදී 28.14ක සාමාන්‍යයකින් කඩුලු 216ක් දවාගත් ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වීමේ ගෞරවයද හිමිකර ගෙන තිබුණා.
මීට අමතරව, ඔහු ටෙස්ට් තරගවලදී ලකුණු 1990ක් ලබා ගත්තේ සාමාන්‍ය 22.35ක් ලෙසිනි. එක් දින ජාත්‍යන්තර තරගවලදී, ස්ට්‍රීක් කඩුලු 239ක් දවා ගෙන ඇත්තේ සාමාන්‍ය 29.82ක් ලෙසිනි. එමෙන්ම ඔහු එක්දින ලකුණු 2,943ක් ලබා තිබීම සුවිශේෂිය.
2021දී ICC හි දූෂණ විරෝධී සංග්‍රහය කඩ කිරීම හේතුවෙන් ස්ට්‍රීක් හට සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම්ව සඳහා වසර අටක තහනමක් පැනවීවුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළත්ව ෆ්‍රැන්චයිස් විස්සයි20 ලීග් පිළිබඳ අභ්‍යන්තර තොරතුරු පිටතට ලබාදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර, ස්ට්‍රීක් තහනම පිළිගත් නමුත් තරග පාවාදීමට සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.
2014දී, සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහ වර්ධනයට උපකාර කිරීම සඳහා ස්ට්‍රීක්, හීත් ස්ට්‍රීක් ඇකඩමිය ආරම්භ කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…