ශ්‍රී ලංකා

T56 ගිනි අවියක් රැගෙන කඳවුරෙන් පලා යමින් සිටි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට !

ටී 56 ගිනි අවියක් රැගෙන කඳවුරෙන් පලා යමින් සිටි යුද හමුදා සෙබළෙකු පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අය්යකච්චි පිහිටි පලමුවන යාන්ත්‍රීක බලඇණි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි යුධ හමුදා සෙබළකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මෙම සෙබලා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ එකසිය විස්සක් ද රැගෙන පළා ගොස් තිබෙන බව පොලිසියට වාර්තා වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වී දුම්රියෙන් ගමන් කරමින් සිටි සැකකාර සෙබළා අරවියර් නගර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත්යුධ හමුදා සෙබළාගේ බිරිඳ වෙනත් අයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඔහුව ඝාතනය කිරීමට මෙලෙස ගිනි අවිය රැගෙන පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

Ceylon News Factory

View Comments

  • මොහු යුද හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දි ඇත. මුලින් පළෙයි පොලිසිය පැමිණිල්ල භාර ගැනීමටද නොහැකි බව ප්‍රකාශ කර ඇත.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago