අනතුරු

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරි දෙකක් ගැටෙයි !

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ දී ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ගැලනිගම රථ වාහන පොලීසිය පැවසුවේ අනතුරින් එක් ලොරි රථ රියැදුරෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

ලොරි රථ දෙකම කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී කිලෝමීටර 3.9 ආසන්නයේ දී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ශබ්දයක් ඇසී මාර්ගයේ අයිනට කර නතර කිරීමත් සමගම පිටුපසින් පැමිණි ලොරි රථය එහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්යය බළකා හදිසි මුදාගැනීමේ නිලධාරීන් ලොරියේ සිර වී සිටි රියැදුරුව පිටතට ගෙන හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago