ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඊයේ (04) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන,
“දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින් පිටත්වන බස්වලින් හොර ටිකට්. රියදුරු හා කොන්දොස්තරවරු 2ක් රිමාන්ඩ්. දැන් කියනවා සභාපති මාරු කරන්නලු. මම ඉන්නකන් සභාපති මාරු කරන්න දෙන්නේ නැහැ. මම මේක හදනවා. පුද්ගලික බස් හිමියෝ බදු ගෙවලා ලාභත් ලබනවා. ලංගම එහෙම නොවෙන්න හේතුවක් නැහැනේ. වංචා දූෂණ නැති කරන්න ඩිජිටල්කරණය කරන්න ඕන දුම්රිය හා බස් ප්‍රවේශපත්‍ර අලෙවිය කාඩ්පත් ක්‍රමය හරහා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගේනවා”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…