ශ්‍රී ලංකා

ජාතික රෝහලේ MRI යන්ත්‍රය ක්‍රියා විරහිත වෙයි – විශේෂ ස්නායු පරීක්ෂණ සියල්ල ඇණහිටී !

කොළඹ ජාතික රෝහලේ විශේෂ ස්නායු ප්‍රතිකාර එකකයේ පවතින MRI යන්ත්‍රය සිසිලන පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් බිඳ වැටී ඇත.

මේ හේතුව මත දිවයිනේ සියලුම රෝහල්මගින් යොමුකරන රෝගීන්ගේ විශේෂ ස්නායු පරික්ෂණ මුළුමනින්ම නතර වි ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනකට ‌රෝගීන් 25කගේ පමණ ස්නායු පරික්ෂණයන් මෙම යන්ත්‍රය මගින් සිදුකර අවශ්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කරන බව ද පැවසේ.

මෙම යන්ත්‍රය නඩත්තු කරන සමාගමට අදාල ගෙවීම් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙවා නොමැති බැවින් ඔවුන් යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා නොපැමිණෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ MRI යන්ත්‍ර 4ක් පවතින අතර ඉන් එක් යන්ත්‍රයක් අලුතින් ඉදිකළ බාහිර රෝගී අංශයේ ස්ථාපිත කර තිබේ.

නමුත් එයට දත්ත ඇතුලුකරමින් පවතින බැවින් පරික්ෂණයන් සිදුකිරිමට තවත් කාලයක් ගතවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අනෙක් MRI යන්ත්‍ර දෙක ස්නායු ශල්‍ය අංශයේ සහ අපස්මාර ඒකකය තුළ ස්ථාපිත කර ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago