ක්‍රිකට්

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරගාවලි ජයක් (Match Highlights)

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින් එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් තමන් ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජය වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩර්බි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116 ක් පමණයි.

Maia Bouchier ලකුණු 23 ක්, Danielle Gibson ලකුණු 21 ක් හා Amy Jones ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා. උදේශිකා ප්‍රබෝදනී හා කවීෂා දිල්හාරි ලකුණු 16 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. චමරි පන්දු 28 කින් ලකුණු 44 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26 යි. චමරි සමග ඉනිම ඇරඹූ අනුෂ්කා සංජීවනී ලකුණු 20 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Sarah Glenn ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ හා තරගාවලියේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චමරි අතපත්තු. ඇය මෙම තරගාවලියේ දී ලකුණු 114 ක් රැස් කළ අතර, කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

සම්පුර්ණ තරඟයේ විශේෂ අවස්ථා පහතින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago