ක්‍රිකට්

Asia Cup 2023 – ශ්‍රී ලංකාවට එරෙහි පරාජය ගැන ඇෆ්ගනිස්ථානයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) පැමිණිලි කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශක මොහොමඩ් නසීම් සදාත් මේ බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 2023 ආසියානු කුසලානයේ B කාණ්ඩයෙන් ක්‍රීඩා කළා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලකුණු 89කින් පරාජයට පත්ව තිබුණා.

එවැනි පසුබිමක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඔවුන් අනිවාර්යයෙන් ජයගත යුතුව තිබුණා සේම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබෙන ඉලක්කය පන්දුවාර 37.1කින් ලබාගත යුතුව තිබුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ලකුණු 292ක ඉලක්කයක් ඇෆ්ගනිස්ථානයට ලබා දුන්නා. ඇෆ්ගනිස්ථානය සුපිරි 04 වටයට සුදුසුකම් ලැබීමට නම් අදාළ ඉලක්කය පන්දුවාර 37.1කදී හඹා යා යුතු වුණා.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුවේදී ඇෆ්ගනිස්තානය කඩුලු 09ක් දැවී ලකුණු 290ක් ලබා සිටියදී තරගයේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ ඉලක්කය ලබාගැනීමට ඇෆ්ගනිස්ථානයට තවත් පන්දු 03කදී ලබාගත යුතු බවයි. නමුත් පිටියේ සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් ඉදිරි පන්දු තුනේදී ලකුණු 295ක් ලබා ගත්තේ නම් ඔවුන්ට සුපිරි 4 වටයට පැමිණිය හැකි බවට ගණනය කිරීම නොදැන සිටි බව අදාළ පැමිණිල්ලේ දක්වා තිබිණ.

මෙම කාරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ACB ඉල්ලා සිටි බවත්, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව ඔප්පු වුවහොත් ඔවුන්ටද දඬුවම් කරන ලෙසත් සදාත් මාධ්‍ය වෙත පවසා තිබුණා.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago