අධ්‍යාපනික

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට මහල් නිවාස සංකීර්ණයක් !

විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මේ වන විටත් නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර ඇති අතර එම නිවාස සංකීර්ණය විශ්වවිද්‍යාලයට බාරදීම සඳහා මෙම සතියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු එම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800කට පමණ නේවාසික පහසුකම් සැලසෙන අතර වර්ග අඩි 450කින් සමන්විත එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වන බව සඳහන්ය.

වර්තමානයේදී මෙම නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන බව ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago