වසර 60කට වැඩි කාලයකට පසු මොරොක්කෝවේ ඇති වූ මාරාන්තික භූකම්පනයෙන් පුද්ගලයන් 2,012කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් 2,059ක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් මරකේෂ් සහ ඒ ආශ්‍රිත බොහෝ නගරවලට බලපෑ අතර ඈත කඳුකර ප්‍රදේශවල මුළු ගම්මානම සමතලා වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
නමුත් එම කම්පන කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි ‘රබාට්’ අගනුවරට මෙන්ම ‘කැසබ්ලැන්කා’, ‘අගාදිර්’ සහ ‘එසවුරා’ වෙත ද දැනී ඇති බව සඳහන්.
මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර නියම කර තිබෙනවා.
සන්නද්ධ හමුදා ක්‍රියාත්මක වෙමින් බිමට සමතලාවූ නිවාසවල සුන්බුන් හාරා දිවි ගලවා ගත් අය සොයමින් විශාල මෙහෙයුමක් කරන බව සඳහන්.
මොරොක්කෝවේ උස් ඇට්ලස් කඳුකරයේ ඇති වූ භූකම්පනයට ආසන්නතම නගරය වන මරකේෂ් හි ඓතිහාසික ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර බොහෝ මරණ වාර්තා වූයේ දකුණේ ‘අල්-හවුස්’ සහ ‘තාරූඩන්ට්’ පළාත්වල කඳුකර ප්‍රදේශවලයි.
භූකම්පනය බලපෑ දුෂ්කර ප්‍රදේශවල සිදුවූ විනාශයේ පරිමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…