කිම් ජොන් උන් වෙඩි නොවදින සන්නද්ධ දුම්රියකින් රුසියාවට !

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong Un) වෙඩි නොවදින සන්නද්ධ දුම්රියකින් රුසියාවට ගොස් තිබෙනවා.

මෙම සංචාරය ඊයේ වනතුරුත් පැවැතියේ නිල නොවන ආරංචි මාර්ග මතයි.

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කිම්ගේ රුසියානු සංචාරයක් පිළිබඳ ව වාර්තා කළ ද එය නිල වශයෙන් තහවුරු කරගැනීමක් වූයේ නැහැ.

එවන් වටපිටාවකයි ඊයේ දිනයේදිත් රොයිටර්ස් පුවත් සේවය විසින් උතුරු කොරියානු නායකයාගේ පැමිණීමක් රුසියාවේ පැසිෆික් වරායෙන් බලාපොරොත්තු වන බවට දක්වමින් වාර්තා කර තිබුණේ.

මෙම හදිසි සංචාරයේ අරමුණ වී ඇත්තේ යුද ආයුධ ගනුදෙනුවක් පිළිබඳ ව සාකච්ඡා කිරීම බවත් වාර්තා වනවා.

ඒ අනුව රුසියානු නායක ව්ලැද්මීර් පුටින් සහ කිම් ජොන්ග් උන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත්තේ. අද දිනයේ දී කිම් සිය ආරක්ෂක හමුදාව සමග දැඩි රැකවල් මැද රුසියාවට පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කිම්ගේ මෙම හදිසි ආගමනය අමෙරිකාවේ නොසන්සුන්තාවට හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

එය කෙතරම් පීඩනකාරී ක්‍රියාවක් දැයි කිවහොත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාව කිම්ගේ මෙම හදිසි සංචාරය හේතුවෙන් කලබල වී ඇති බවයි.

යුක්‍රේන – රුසියානු අර්බුදයට මැදිහත් වීමට උතුරු කොරියාව යම්කිසි උත්සාහයක් දරනු ඇති බවටයි අමෙරිකාව විශ්වාස කරන්නේ.

එය යුද ආයුධ සැපයීමෙන් හෝ සිදුවිය හැකි බවටයි ඔවුන් විශ්වාස කර ඇත්තේ. කිම්ව රැගත් වෙඩි නොවදින සන්නද්ධ දුම්රිය රුසියාවේ පෙරදිග කලාපයේ Primorsky Krai හරහා උතුරු දෙසට ගමන් කරමින් තිබූ බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය RIA වාර්තා කළා.

භූ ස්ථානගත කරන ලද වීඩියෝවකින් ටුමෙන් ගඟ අසල රුසියානු – උතුරු කොරියානු දේශසීමා අසල කිම් රැගෙන යන බව කියනු ලබන දුම්රිය විකාශනය කර තිබෙනවා.

මෙම පුටින් හමුව අමෙරිකාව පෙන්වා සිටියේ යුක්‍රේන යුද්ධයට නව සැපයුම්කරුවන් සොයා ගැනීම පිණිස රුසියාව දරන ලද ප්‍රයත්නයක් ලෙසටයි.

දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Jeon Ha-kyu පැවසුවේ උතුරු කොරියාව සහ රුසියාව ආයුධ ගනුදෙනුවක් සහ තාක්‍ෂණික හුවමාරුවක් පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යනු ඇත්ද යන්න තමන් ද සමීපව නිරීක්ෂණය කරන බවයි.

කිම්ගේ රුසියාවට පැමිණීම කොවිඩ් -19 වසංගතයෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරය සනිටුහන් කරනවා.

එම කාලය තුළ උතුරු කොරියාවේ දේශසීමා මුද්‍රා තැබූ අතර, 2011 දී බලයට පත්වීමෙන් පසු ඔහුගේ 10 වැනි සංචාරය ද මෙය වනු ඇති.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago